ගොඩක් දෙනෙක් මට කියල තිබුනා මුහුනේ Black Heads , white heads තියෙනව කියල ඉතිම්  වගේ මුහුනක්සතියකට දෙපාරක්වත් ස්ක්‍රබ් කරනව නම් ගොඩක්    හොදයි.මොකද මුහුනේ තිබෙන කුනු දුහුවිලි නිසයි Black Heads ,White Heads එන්නේ.ඉතිම් ඒවා ඒම පාලනය කරල ඔයාලගේ සම පැහැපත් කර ගන්න ස්ක්‍රබ් එකක් බාවිතා කරන එකගොඩක් හොදයි .ඉතිම් මන් අද ඔයාලට කියල දෙන්නෙ වෙලද පොලෙන් ස්ක්‍රබ් මිලදී නොගෙන ගෙදරදි විනාඩි කීපයකින් ස්ක්‍රබ්එකක් හදා ගන්න ආකාරය.



   අවශ්‍ය ද්‍රව්‍ය

      01. සිහින්ව කොටාගත් කෝපි කුඩු 

     02.සිහින්ව කොටා ගත් සීනී

     03. සුදු පොල්තෙල්



    සාදාගන්නා ආකාරය

              මුලින්ම සිහින්ව කුඩු කර ගත් සීනි මේස හැදි දෙකක් පිරිසිදු බාජනයකට එකතු කර ගන්න. ඉන්පසු සිහින්ව කොටාගත් කෝපි කුඩු තේ හැදි එකක් එයට එකතු කරන්න අවසානයටම එයට සුදු පොල්තෙල් මේස හැදි එකහා මාරක් පමන එකතු කර හොදින් කවලම් කරන්න.


  හාවිතා කරන ආකාරය 

             සාදාගත් ස්ක්‍රබ් එක හොදින් මුහුන පිරිසිදු කර ආලේප කර මෘදුව මුහුන සම්බාහනය කරන්න.විනාඩි කිහිපයක් තබාපිරිසිදු ජලයෙන් සෝදා හරින්න.


            ඉතිම් ඔයාලට අද මම අරන් ආව ස්ක්‍ර්බ් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.ඉස්සරහටත් Sandu Senevirathna Blog එකෙන් ඔයාලට වටින ගොඩක් දේවල් කියල දෙනවා.ඔයාලට පුලුවන් තව දේවල් ගොඩක්  දැන ගන්න Sandu Senevirathna යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් නාලිකාවේ ලින්ක් එක මේ තියෙන්නේ https://www.youtube.com/channel/UCfj0I8hxau4ZL93ZANK-vTA. ඒම නිසා එයට පහසු වෙන පිවිසෙන්න පුලුවන් ඒ වගේම මගේ යූටියුබ් නාලිකාව Subscribe කරල ඔබට පුලුවන් ඉමනින් වීඩියෝ නරබන්න.